Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah Al-Anam 6:1

සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු අහස් හා මිහිතලය මැව්වේය. තවද අන්ධකාරයන් හා ආලෝකය ඇති කළේය. පසුව (මෙසේ තිබිය දී) ප්‍රතික්ෂේපකයින් ඔවුන්ගේ පරමාධිපතිට (වෙනත් දෑ) සමාන කරති