Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 50 — Surah Al-Anam 6:50

අල්ලාහ්ගේ සම්පත් මා වෙත තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නොදනිමි. මම මලාඉකාවරයකු ද වෙමි යැයි මම නුඹලාට නොපවසමි.මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා වටහා නොගන්නෙහු දැ?යි ද නුඹ පවසනු