Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 91 — Surah Al-Anam 6:91
අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. එබැවින් "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේය" යැයි ඔවුහු පැවසූහ. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවුද?" යි අසනු. නුඹලා එය වෙන් වෙන් පොත් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කළ අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය ! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු