Back to Languages

Sinhala - Chapter 60 - Al-Mumtahanah

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Mumtahanah 60:10

අහෝ විශ්වාස කළවුනි! විශ්වාසවන්ත කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ (සත්‍ය තත්වය) මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේව විශ්වාසවන්ත කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේව ප්‍රතික්ෂේපකයින් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේව ප්‍රතික්ෂේපිත කාන්තාවන් සමග වූ විවාහ බන්ධනය පවත්වාගෙන නොයනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේව ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. මහා ප්‍රඥාවන්තය