Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 143 — Surah Al-Araf 7:143

අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණෙනි ! (ඔබ ව) මට පෙන්වනු මැනව ! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට ඔබ මා දැකිය නොහැක්කේමය. එනමුත් එම කන්ද දෙස බලනු. එය ස්ථාවර ව පිහිටියේ නම් ඔබ මා දකිනු ඇත යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. දේව විශ්වාසවන්තයින්ගේ පළමුවැනියා මම වෙමි යැයි කීය