Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 150 — Surah Al-Araf 7:150
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට නුඹලා ඉක්මන් වූයේ දැයි ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පුවරු පහත හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා තමන් වෙත ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි ! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු යැයි ඔහු (හාරූන්) කීය