Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 155 — Surah Al-Araf 7:155

නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතුරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස නැත. එමගින් ඔබ අභිමත කරන අය මුළා කරන්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය