Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 160 — Surah Al-Araf 7:160
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද අපි අපරාධ නොකළෙමු. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ