Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 179 — Surah Al-Araf 7:179

සැබැවින්ම අපි ජින් වර්ගයා හා මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කළෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් කමින් සිටියවුන් ඔවුහුමය