Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 187 — Surah Al-Araf 7:187

අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවෙහි ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණීකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති