Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 53 — Surah Al-Araf 7:53

මොවුහු ( දේව ධර්මයෙහි අනතුරු අගවා තිබූ) එහි අවසානය මිස වෙනත් කිසිවක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය උදාසීන කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් අතුරින් කිසිවකු සිටිනවා ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වනු ඇත. නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන (යහපත් ක්‍රියාවන්) කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව මුළා කළේය