Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 85 — Surah Al-Araf 7:85

තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව සැකසූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය