Back to Languages

Sinhala - Chapter 73 - Al-Muzzammil

Translation by Www.islamhouse.com — Permalink

Verse 20 — Surah Al-Muzzammil 73:20

නියත වශයෙන්ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමග සිටින අය අතුරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දන්නේය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේය. නුඹලා එය (නිවැරදිව) ගණන් නොකරන බව ඔහු දන්නේය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත්ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය