Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 8 - Al-Anfal
Translation by Www.islamhouse.com — Permalink
Verse 72 — Surah Al-Anfal 8:72
නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරන් වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය