Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 101 — Surah At-Tawbah 9:101

ගම්බද අරාබිවරුන් අතුරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිත වූවෝද වෙති. නුඹ ඔවුන් ගැන නොහඳුනන්නෙහිය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසු ව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන් ව යොමු කරනු ලැබේ