Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah At-Tawbah 9:37

නියත වශයෙන්ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණන සාපේක්ෂ කරනු පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි