Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 69 — Surah At-Tawbah 9:69

(මුනාෆික්වරුනි!) නුඹලාද නුඹලාට පෙර සිටියවුන් මෙන්ය. ඔවුහු බලයෙන් නුඹලාට වඩා ශක්තිමත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. නමුත් ඔවුහු (බොරු කිරීමෙහි) නිරතවී සිටි ආකාරයට නුඹලා ද නිරත වී සිටින්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුන්ය. තවද අලාභවන්තයෝද මොවුන්ය