Back to Languages

Sinhala - Chapter 9 - At-Tawbah

Translation by Www.islamhouse.com — Permalink

Verse 74 — Surah At-Tawbah 9:74

තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළි ගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ පිළිබඳ උත්සාහ දැරූහ. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. ඔවුන් පාපයෙන් ගැළවෙන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත