Back to Languages
Sinhala - Chapter 100
Translation by Www.islamhouse.com
Verse 1
හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්
Verse 2
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද
Verse 3
තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්
Verse 4
එවිට එමගින් උන් දූවිලි නංවමින්
Verse 5
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති
Verse 6
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය
Verse 7
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ
Verse 8
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ
Verse 9
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද
Verse 10
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද
Verse 11
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ඥානීය