Back to Languages

    Sinhala - Chapter 15

    Translation by Www.islamhouse.com

    Verse 1

    අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ

    Verse 2

    (මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත

    Verse 3

    ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත

    Verse 4

    තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු

    Verse 5

    කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති

    Verse 6

    තවද ( අල්කුර්ආනය හෙවත්) දේව ග්‍රන්ථය කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණෙනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ

    Verse 7

    නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද

    Verse 8

    (නබිවරය) සත්‍යය හේතුවකින් තොරව අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. (ඔවුහු වේදනාව දීම සම්බන්ධයෙන් එවනු ලබන්නේ නම්) එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති

    Verse 9

    නියත වශයෙන්ම අපමය ( අද් දික්ර් හෙවත්) දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු

    Verse 10

    තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු

    Verse 11

    තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ (රසූල්වරයෙකු) පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කළහ

    Verse 12

    වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය

    Verse 13

    ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත

    Verse 14

    තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති)

    Verse 15

    නියත වශයෙන්ම (කිසිවක් නොපෙනෙන සේ ) අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. (එපමණක්) නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු (අසත්‍යවාදීන්) පවසති

    Verse 16

    තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු

    Verse 17

    තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු

    Verse 18

    නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත

    Verse 19

    තවද අපි මහපොළොව ව්‍යාප්ත කර හැරියෙමු. එහි අපි කඳුහෙල් ඇති කළෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නියමිත ආකාරයට පැළවෙන්නට සලස්වන්නෙමු

    Verse 20

    තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු

    Verse 21

    කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව ඇත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු

    Verse 22

    තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු

    Verse 23

    තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු

    Verse 24

    සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු

    Verse 25

    තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය

    Verse 26

    සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු

    Verse 27

    මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු

    Verse 28

    නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු

    Verse 29

    පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. ( යැයි නුඹගේ පරමාධිපති පැවසීය)

    Verse 30

    එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ

    Verse 31

    ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය

    Verse 32

    අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය

    Verse 33

    විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය

    Verse 34

    එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය

    Verse 35

    තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත

    Verse 36

    මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය

    Verse 37

    එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය

    Verse 38

    නියමිත වේලාවේ දිනය දක්වා

    Verse 39

    මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය

    Verse 40

    නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර

    Verse 41

    මෙය මා වෙත (පැමිණිය හැකි) ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය

    Verse 42

    නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර

    Verse 43

    තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි

    Verse 44

    එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් (ෂයිතාන්ගේ ගමන් මග අනුගමනයකළ අය) අතුරින් (පිරිසකට විශේෂයෙන්) වෙන් කරන ලද කොටසක් ඇත" (යැයි අල්ලාහ් පවසයි)

    Verse 45

    නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත් වල (සතුටින්) සිටිති

    Verse 46

    නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු

    Verse 47

    ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති

    Verse 48

    එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති

    Verse 49

    නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු

    Verse 50

    තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු

    Verse 51

    තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු

    Verse 52

    ඔවුහු (දේවදූතයින්) ඔහු (ඉබ්රාහීම්) වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය

    Verse 53

    නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය

    Verse 54

    මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය

    Verse 55

    අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු

    Verse 56

    නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය

    Verse 57

    අහෝ ! ( දෙවියන් විසින්) එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය

    Verse 58

    නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය

    Verse 59

    ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු

    Verse 60

    නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු

    Verse 61

    එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි

    Verse 62

    නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය

    Verse 63

    නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය

    Verse 64

    තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය

    Verse 65

    එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු

    Verse 66

    නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලින් උපුටා දමනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු

    Verse 67

    (ලූත් නබිගේ) නගර වැසියෝ (කාමයේ වරදවා හැසිරීමේ අදහසින්) සතුටට පත්වෙමින් පැමිණියහ

    Verse 68

    නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය

    Verse 69

    තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.(යැයි ලූත් නබිවරයා පැවසුවේය)

    Verse 70

    (එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි (ලූත් නබිවරයාගෙන්) විමසුවෝය

    Verse 71

    නුඹලා එසේ (ලිංගික ආශාවන් ඉටු) කරන්නන් ලෙස සිටියෙහු නම් (නීත්‍යානුකූලව අවශ්‍යතා ඉටුකිරීමට) මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය

    Verse 72

    (නබිවරය) නුඹගේ ප්‍රාණය වෙත දිවුරමින් (පවසමි) නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මනස අවුල් වියවුල්වී සිහිසුන්ව සිටිති

    Verse 73

    එබැවින්, හිරු උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය

    Verse 74

    එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු

    Verse 75

    නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත

    Verse 76

    තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය

    Verse 77

    නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත

    Verse 78

    තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ

    Verse 79

    එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය

    Verse 80

    තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් (පණිවිඩකරුවන්) ව බොරු කළෝය

    Verse 81

    තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ

    Verse 82

    තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ

    Verse 83

    එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය

    Verse 84

    එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය

    Verse 85

    අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු

    Verse 86

    නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු

    Verse 87

    තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු

    Verse 88

    ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු

    Verse 89

    නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු

    Verse 90

    බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්

    Verse 91

    ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය

    Verse 92

    එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු

    Verse 93

    ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු)

    Verse 94

    එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු

    Verse 95

    සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු

    Verse 96

    ඔවුහු වනාහි අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත

    Verse 97

    තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු

    Verse 98

    එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු

    Verse 99

    තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු

    Unexpected Application Error!

    Unexpected token '<', "<!DOCTYPE "... is not valid JSON

    SyntaxError: Unexpected token '<', "<!DOCTYPE "... is not valid JSON