Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 38 - Sad
Translation by Www.islamhouse.com — Permalink
Verse 24 — Surah Sad 38:24
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී අල්ලාහ් වෙත) හැරුණේය