Back to Languages
Sinhala - Chapter 45
Translation by Www.islamhouse.com
Verse 1
හා මීම්
Verse 2
මෙම ග්‍රන්ථයේ පහළ කිරීම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන් වූ අල්ලාහ්ගෙනි
Verse 3
නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දෙවියන් විශ්වාස කරන්නන්හට සංඥා ඇත
Verse 4
නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත
Verse 5
රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත
Verse 6
ඒවා අල්ලාහ්ගේ වදන් වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන් වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද
Verse 7
සෑම මහා බොරුකාර පාපතරයකුටම විනාශය අත් වේවා
Verse 8
ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් උඩඟුවෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිතුමනි!) ඔබ ඔහුට ශුභාරංචි දෙනු
Verse 9
ඔහු අපගේ වදන් අතුරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේය. නින්දා සහගත දඬුවමක් තමන් සතු කර ගත්තෝ ඔවුහුමය
Verse 10
ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නොවනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත
Verse 11
මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත
Verse 12
නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ්ය
Verse 13
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු විසින් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතිය හැකි ජනයාට මෙහි සංඥා ඇත
Verse 14
තමන් උපයමින් සිටි දෑ හේතුවෙන් පිරිසකට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා අල්ලාහ්ගේ දඬුවම් දිනයන් අපේක්ෂා නොකරන්නන්හට සමාව දෙන්නැයි විශ්වාස කළවුනට (නබිවරය,) ඔබ පවසනු
Verse 15
කවරෙකු යම් යහපතක් සිදු කළේද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) එයට එරෙහිවය. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය
Verse 16
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවනට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද අපි ලෝවැසියන් අතර ඔවුන් උසස් කළෙමු
Verse 17
සියලු (ආගමික) කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණිමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස (වෙනත් කිසිවක් සඳහා) ඔවුහු මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මතුලොවෙහි විනිශ්චය කරනු ඇත
Verse 18
පසු ව එම කරුණ තුළින් යම් පිළිවෙතක් මත අපි ඔබ ව පත් කළෙමු. එහෙයින් ඔබ එය අනුගමනය කරනු. තවද දැනුමකින් තොර සිටින්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු
Verse 19
නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔබ මුදවා ගෙන) ඔබට ප්‍රයොජනයක් සලසන්නේම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය
Verse 20
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි
Verse 21
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය
Verse 22
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති
Verse 23
(නබිවරය) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද. ඔහුව ඔබ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග හැරියේය. ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේය. ඔහුගේ බැල්ම මත ආවරණයක් තැබුවේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද
Verse 24
“මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමාන කරනු මිස නැත
Verse 25
අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස ඔවුන්ගේ සාධකය නොවීය
Verse 26
(නබිවරය) ඔබ පවසන්න. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි, පසු ව නුඹලා මරණයට පත් කරයි, පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි, එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති
Verse 27
අහස් හා මහපොළොව අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින අසත්‍යකරුවෝ පරාජයට පත් වෙති
Verse 28
සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහුය.” (යැයි කියනු ලැබේ)
Verse 29
මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු
Verse 30
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණය වනුයේ
Verse 31
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නොතිබුණේ ද? එවිට නුඹලා උඩගු වූහ. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූහ. (යැයි කියනු ලැබේ)
Verse 32
“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය
Verse 33
ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය
Verse 34
“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ
Verse 35
“මෙයට හේතුව, නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලා මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නොවෙති. තවද ඔවුහු සමාව පිළිගනු ලබන්නන් නොවෙති
Verse 36
අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා
Verse 37
තවද අහස්හි හා මහපොළොවේ සියලු ශ්‍රේෂ්ඨත්වයන් ඔහු සතුය. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීය